Wednesday, October 22, 2014

කොපි පෝන් වලට අහුනොවී ඔරිජිනල් පෝන් එකක් ගනිමු






ඔන්න මගේ පලවෙනි පෝස්ට් එක..
කොහොමද ඉතින් කට්ටියට? හොඳින් ඉන්නව නේද?

හුගක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මොනවද මේ Copy,Clone, high copy කියන්නේ මොකද්ද කියන එක...
ඔන්න මම අද කියල දෙන්න යන්නෙ ඒගැන.. මේ ගැන ගොඩක් කට්ටියනම් දැන් දන්නව අපේ group එක නිසා...
ඒත් සමහර අය දන්නේ නෑ... මොකද මම දැක්කා
"මම 15000/=කට galaxy S5 එකක් ගන්න යන්නෙ"
"S4 brand new ඒවා 11000/=යි"
"Koran S4 11000/= Fullest brand new"
"S5 High Quality Korean & Vietnam Versions 15000/=(nego)"
S2,S3,S4,S5, Note1,2,3..තව ගොඩක් phone මෙහෙම අඩුවට විකුනන්න තියෙනවා
ඔන්න ඔය වගේ කතා....

ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමකුත් තව ගොඩක් විස්තරත් දාල තමයි මම මේ post එක දෙන්නෙ.....
හරි... ඉතින් අපි දන්නවනෙ Samsung කියන්නෙ ලෝකයේ තියෙන හොඳම Phone හදන සමාගමක් කියලා
Original Samsung Phone හදන්නෙ ප්‍රධාන වශයෙන් China, Korean,Vietnam කියන රටවල් තුනේ..
ඉතින් මේ කොහේ හැදුවත් ඒක original Phone එකක් නම් කිසිම ප්‍රශ්නයක් නැ... මම මෙතන original phone ගැන කියන්න යන්නෙ නැ..
කොහොම හරි දැන් විකුනන්න තියෙනවා Samsung phone වල කොපි phone... ඒ කියන්නෙ හොර ඒවා.. ඔය මම උඩ දාල තියෙන්නෙ ඒ වගේ බාල කොපි පෝන් වල මිල ගනන් තමයි.
අපි උදාහරණෙකට ගමු Samsung Galaxy S4 Phone එකක් Original Samsung Galaxy S4 එකක් 50000/=-60000/= අතර මිලක් වෙනවා..පාවිච්චි කරපු එකකුත් 40000/=ක් විතර වෙනවා.. (Korean,China,Vietnam ඕන එකක්).
මේවා ඔක්කොම Samsung Company එකේ හදන Original Phone
ඉතින් දැන් ඔය තියෙන Copy,Clone,High copy ගැන බලමු..
කෙලින්ම කිව්වොත් මේවා හදල තියෙන්නෙ ඔක්කොම බාල බඩු දාල....
Original S4 එකක කැමරාව 13MP තියෙනව ඒත් මේ Copy Phone වල කැමරාව 2MP වත් නැහැ.
අපි මේ copy phone එකක් අරන් බැලුවොත් ඒකේ පෙන්නනවා Original එකෙ වගේම RAM, Processor ඒත් ඇත්තටම ඒ කියන දේවල් මුකුත් නැහැ..
අඩුම ගානේ Game එකක්වත් හරියට ගහන්න බෑ.. සමහර ඒවා ගහන්න පුලුවන්...ඒත් ලොකු Game නම් බැහැ.
මේ වගේ Phone එකක කාලේ ගැන නම් කියන්න බැහැ.. සමහර ඒවා සතියෙන් ලෙඩ... කලාතුරකින් සමහර ඒවා මාස6ක් -10ක් පුලුවන්...
ඔයාල දැකල ඇති මේ වගේ Phone ගත්ත අය පුලුවන් තරම් ඉක්මනින් එයාලගේ Phone එක විකුනනවා...
මොකද ‍රැවටිලා ගත්තට කවුරුවත් මේවගේ phone එකක් තියා ගන්න ආස නෑ....
ආහ්... තව සමහරු ඔය copy Phone විකුනන්නෙ Korean,Vietnam කියල... ඒත් ඒ එකක්වත් Korean වත් Vietnam වත් නෙවෙයි...මම කිව්වනේ Original Phone එකක් ගනන් කියල
අනිත් එක ඉතින් කියන්න ඕනේ නැහැනේ 40000/=ක් වටින phone එකක් 11000/= දෙන්නේ ඇයි කියලා..
එහෙනම් මේ ඔක්කොම කියවලා බලල හොඳ phone එකක් ගන්නකෝ..
තව දැන ගන්න ඕන මොනව හරි තියෙනවනම් comment කරන්නකෝ
ජය වේවා හැමෝටම!!!!

No comments:

Post a Comment