Wednesday, October 22, 2014

රූට් කිරීම යනු (About Rooting)

හැමෝටම සුභ දවසක්!!!

හැමෝම අහනව රූට් (Root) කරනවා කියන්නෙ මොකද්ද?

හොඳයි ඔන්න එහෙනම් මම අද කියල දෙන්න Root කරන එක ගැන.
අපි ඉස්සෙල්ලම බලමු රූට් කරනවා කියන්නේ මොකද්ද ? මෙන්න මෙ ප්‍රශ්නෙ හැමෝගාවම තියෙනවනෙ..
අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්ත ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි "මම ෆෝන් එක රූට් කරන්නද එපාද?" කියන එක. සමහරක් අය රූට් කරනවා කියන එක ගැනවත් දන්නෙ නැ.....

හරි අපි මුලින්ම බලමු මොකක්ද මෙ රූට් කරනව කියන්නෙ කියලා....
ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙහෙයුම් පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල් කරන්න බෑ.


රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන සීමා මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ කියන්නේ අපිට අපේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකට අලුත් වැඩ කිඩ ගොඩක් දාන්න පුලුවන්... ඒක තව පැහැදිලි කලොත්
සාමන්‍යයෙන් මෙම මෙහෙයුම් පද්දතියකට ඇතුල් වෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ පරිගනකයේදී වගේම තමා.

ඒවා වෙන්නේ Administrator Account / Guest Account යන ආකාර 2ක. සාමන්‍යයෙන් android user කෙනෙක්ට සම්පුර්ණ පද්දතිය පාලනය කරන්න බෑ.
මොකද සමහර වෙනස් කිරිම නිසා පද්දතිය සම්පුර්ණයෙන් අකර්මන්‍ය විම (ඩේඩ් වීම,බ්‍රිච්ක් වීම වැනි දේ) වගේ හේතු දක්වන්න පුලුවන්.එලෙස බලන විට අපි මේ පද්දතිය භාවිතා කරන්නේ සම්පුර්ණයෙන් නෙමේ.
රූට්ර්‍ කරනවා කියන්නෙ අපිට මෙ පද්දතියට සම්පුර්නයෙන්ම ඇතුල් වෙලා පද්දතිය වෙනස් කිරිමේ හැකියාව ලබා ගැනිමටයි.මෙමගින් ඔබට ලබා ගන්න පුලුවන් වාසි බොහොමයි,ඒත් අවදානමත් එ එක්කම වැඩි වෙනවා.
හරිනේ මම හිත්නව දැන් කට්ටියට ටිකක් පැහැදිලි ඇති කියල.. ඔයිට වඩා තෙරුම් කරන්න නම් බෑ.... උපරිම පැහැදිලි කරල තියෙන්නේ...

හරි අපි දැන් බලමුෆෝන් එක රූට් කරන එක අනතුරුදායකද කියලා...
මාත් මුලින්ම රූට් කරන්න බයෙන් හිටියේ. ඒත් කොහොම හරි අන්තිමේදි රූට් කරා. ගොඩක් දෙනෙක් ට තියන බය තමයි තමන්ගේ ෆෝන් එක බ්‍රික් වෙයි කියන එක. නමුත් රූට් කිරීමේදි බ්‍රික් වීමට ඉඩකඩ බොහෝ අඩුයි.
එහෙම බ්‍රික් වීමේ අවදානම 5%ක් වගේ කියල තමයි ඔය ප්‍රසිද්ධ ඇන්ඩ්‍රොයිඩ් web sites වල තියෙන්නේ.... ඒත් හරියට කලොත් ඒ 5% ටවත් අහු වෙන්නෙ නෑ..
දැන් කට්ටිය දැන ගනිමු පෝන් එක රූට් (Root) කරන්නෙ ඇයි කියල..
මම කලිනුත් කිව්ව වගේ ෆෝන් එකේ සම්පූර්ණ පාලනයම තමන්ගේ අතට ගන්න පුලුවන් එතකොට...

එතකොට මේ රූට් කිරීමේ වාසි මොනවද? මෙන්න වාසි....
1.රූට් කිරීමේන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් (Android OS) එක භාවිත කිරීමට තිබූ සීමා මායිම් නැතිව යනවා..
2.නිල නොවන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ දාන්න පුලුවන් (කස්ටම් රොම්).
සමහර ෆෝන් වලට ඇන්ඩ්‍රොයිඩ් (Android) අලුත් වර්ශන් (Version) වල ඔෆීශියල් අප්ඩේට් (Official Update) දෙන්නේ නෑ.
එතකොට කස්ටම් රොම් (Custom Rom) එකක් මගින් අලුත් සංස්කරණයක් ස්ථාපිත කිරීමට පුලුවන්. මේ සඳහා ෆෝන් එක රූට් (Root) කර තිබිය යුතුයි.

* කස්ටම් රොම් (Custom ROM) ගැන මම වෙනම පෝස්ට් එකක කියල දෙන්නම්....*

3.සමහර ෆෝන් වල ස්ක්‍රීන් ශොට් ගැනීමට රූට් කර තිබිය යුතුයි...
4.ඇප්ස් ඉන්ස්ටෝල් (Apps Install) වෙන්නේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි (Internal Memory) එකට. රූට් කිරීමෙන් මේ ඇප්ස් එස්.ඩී කාඩ්(SD card) එකට ඉන්ස්ටෝල් (install) කිරීමට පුලුවන්. ( මේක කට්ටියට තියෙන ලොකුම ලොකුම වාසියක්)
5. තව එකක් තමයි ප්‍රොසෙසරය ඔවර් ලොක්/ අන්ඩර් ලොක් කල හැකිවීම. (*මේක ටිකක් අනතුරුදායකයි). කමක් නැ කරන්න පුලුවන් දේවල් දැනගමුකෝ.
6. සිංහල දාන්නත් කරන්නත් රූට් කරන්න ඕනේ.
7.Cool apps ඒ කිව්වෙ රූට් කරපු පෝන් වල විතරක් වැඩ කරන Apps ක්‍රියා කරවන්න පුලුවන්.
8. battery එකේ ආයු කාලය දිගුකරගත හැකි රූට්කරපු දුරකථන සඳහා පමණක් විශේෂයෙන්ම නිර්මාණය කරපු apps භාවිතා කරලා දුරකථනයෙහි battery යෙහි ආයූ කාලය දිගු කරගැනීමට පුළුවන්..
9.අපේ පෝන් එකට සහයෝගය නොදක්වන apps විශාල ප්‍රමණයක් තිබෙනවා. ඒ apps පවා ඔබට ඉන්ස්ටෝල් (install) කිරීමට හැකියාව ලැබෙනවා රූට් කිරීමෙන් පසුව..
10.තව අනවශ්‍ය apps ඉවත් කිරිම කරන්නත් පුලුවන්...
තව ගොඩක් දේවල් පුලුවන්.. 10ක් ඇතිනේ... මම කිව්වේ වැදගත්ම වටින ටික...

රූට් කරන එකේ වාසි තියෙනවනම් අවාසිත් තියෙන්න එපැයි..
එහෙනම් ඒ ටිකත් දැනගනිමු...
1.බ්‍රික් (Brick) වැඩි දෙනෙක් රූට් කිරීමට බියවි සිටින්නේ මෙම හේතුව නිසා.bricking කියල කියන්නේ දුරකතනයෙහි සොෆ්ට්වරෙ වලට දැඩි ලෙස හානි වීමට ඇති හැකියාවයි. එම හේතුව නිසා ඔබගේ දුරකථනය පෙර තිබු පරිදි නිවැරදිව වැඩ කිරීමට නොහැකි වී. එම ඵොනෙ එක වැඩක් නැති දෙයක් බවට පත් වීමට පුළුවන්. *නමුත් නිවැරදිව රූට් කලොත් මෙහෙම වෙන්නෙ නෑ...
2. සමහර පෝන් රූට (Phone Root) කලාම Official update කරන්න බැරි වෙනවා.
3.අලුත් පෝන් තියෙන අයට වැදගත් එකක් තමයි රූට් කලාම පෝන් එකේ වගකීම් කාලය (Warranty period) එක නැති වෙනවා...නමුත් දැන් එම රූට් කරපු දුරකතය නැවත පෙර තිබු තත්වයට පත් කර ගැනීමටද පුළුවන් බව මතක තබා ගන්න... ඒක නිසා බය වෙන්න එපා...

අවාසි කියල මහලොකු දෙයක් නෑ.. ඔන්න ඔය තුන තමයි තියෙන්නේ. තව පොඩි පොඩි දේවල් ඇති..ඒවා වැදගත් නෑ..

ඔන්න රූට් කිරීම ගැන සම්පූර්ණ ලිපියක්..
සැලකිය යුතු:- මෙය සිදු කරන ආකාරය දුරකථන මාදිලියෙන් මාදිලියට වෙනස් වෙනවා.
ඔන්න එහෙනම් ඔය ටික තමයි රූට් (Root) කරන එක ගැන කියන්න තියෙන්නේ..
වැදගත්:- ඔබගේ හෝ අපගේ කිසිඳු අනුදැනුමකින් තොරව සිදුකරන රූට් Root කිරීම හෝ ROM ගැසීමකදී සිදුවන හානි වලට වගනොකියන බව කරුණාවෙන් සලකන්න.

ඉහත සියලුම කරුණු කිසිඳු අයුරකින් උපුටා ගැනීම සපුරා තහනම්.
සියලුම අයිතිය කතෲ (සංජය තිසර වීරසේකර) සතු වේ..
අකුරු වැරදි තියෙනවනම් සමාවෙන්න. පෝස්ට් එක දිග උනේ මුල ඉදන්ම ඔක්කොම කියපු නිසා..
පෝස්ට් එක බැලුවම පේනවනෙ කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා..සිංහල ටයිපින් අමාරුනේ කොහොමත්...

එහෙනම් මොනවහරි දැනගන්න දෙයක්, වැරදි දෙයක් තියෙනවනම් පෝස්ට් එකට Comment එකක් දාන්නකෝ...
ජය වේවා හැමෝටම!!!

2 comments:

  1. Thanks Malli. Danne nethi deyak kiyala dunnata. Good post

    ReplyDelete
    Replies
    1. Aayubowan akke. Thawa danaganna oone dewal thiyenawa nam kiyanna.
      Facebook name - sanjaya thisara.
      Jaya wewa

      Delete