Wednesday, October 22, 2014

නැවත සකස් කරපු පෝන් වලින් බේරෙමු

ආහ්. කොහොමද
මගේ දෙවෙනි පෝස්ට් එකත් හොරු ගැනමයි..

මෙන්න යාලුවනේ මගෙන් තව වටින පෝස්ට් එකක්
මේක මේ සැම්සුන්ග් පෝන් ගැන
අපි ඉතින් සැම්සුන්ග් පෝන් ගන්නකොට බලනවනෙ ඉන්ටර්නැෂනල් ද කොරියන් ද
( International or Korean ) කියලා... ඉතින් ඒ පෝන් වර්ග දෙකනෙ හොඳම...
අපි තව දන්නෙ ඉන්ටර්නැෂනල් සහ කොරියන් කියන ඔරිජිනල් (original) එකට අමතරව තියෙන්නෙ හයිකොපි (high copy), චයිනීස් (Chinese), ක්ලෝන් (clone) කියලනේ..... ඒව ගැන කියන්න ඕනෙ නැහැනේ ඉතින්.... බාල කොපි (copy) පෝන් තමයි ඒවා...
ඉතින් මේ වගේම තව දෙයක් තියෙනවා.. කොහොමත් ඔරිජිනල් පෝන් එකක් හොයන කෙනෙක් ගන්නෙ ඉන්ටර්නැෂනල් හරි කොරියන් ( International or Korean ) නෙ.
කොහොම හරි ඉන්ටර්නැෂනල් පෝන් එකක් ගන්න හිතන් ඉන්න අයට මේක වටිනවා...
දැන් තියෙනවා ඉන්ටර්නෂනල් එක වගේම හදල තියෙන කොරියන් පෝන්
ඒ කියන්නෙ කොරියන් පෝන් එකේ ඇන්ටනා එක කපලා, කොරියන් බෝර්ඩ් එක වෙනස් කරල හදපු පෝන්
ඒවගෙ තියෙන්නෙ කොරියන් බෝර්ඩ් එක ඉන්ටර්නෂනල් එකේ හවුසින් එකට සෙට් කරල... බැලු බැල්මට පේන්නෙ ඉන්ටර්නැෂනල් එකක් වගේමයි.
පෝන් එකේ බැටරි එක යට තියෙන ස්ටිකර් එකත් ඉන්ටර්නෂනල් විදියටම තියෙනවා..
ඒ වගේම පෝන් එකේ හවුසින් එකත් ඉන්ටර්නෂනල් වගේමයි.
original එකේ වැඩ කරන ඔක්කොම code වැඩ..
IMEI Numbers සමානයි...තව මේකට ඉන්ටෙර්නෂනල් එකේම බොක්ස් එකත් තියෙනවා ඒකේ IMEI Number එක පවා සමානයි, full set එකම තියෙනව ඇතුලෙ කවර වල දාලා... බොක්ස් එකත් sealed pack
මම මෙහෙම කියන්නෙ මගේ අතටත් මෙහෙම පෝන් එකක් ආව නිසා. ikman.lk එකේ ඇඩ් එකක් දැකල තමයි මමත් ගත්තේ.
මෙන්න මෙහෙමයි මේ පෝන් එකක් අල්ල ගන්නෙ.
මේකෙ FM Radio වැඩ නෑ.. මොකද මේකෙ තියෙන්නෙ කොරියන් බෝර්ඩ් එකක්නෙ.. ඉතින් කොරියන් Samsung පෝන් වල FM Radio වැඩ නැහැනේ... අනිත් එක මේ පෝන් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරද්දි ගොඩාක් රත් වෙනවා.. අතේ තියන් ඉන්න බැරි තරමටම.. තව මේකෙ බැටරි එක සෙට් වෙන කනු තියෙන්නෙ පෝන් එකේ වම් පැත්තෙ (Korean Bord එකක් නිසා), තව හොඳට හොයල බලුවොත් battery එක යට sticker එකයි, box එකේ sticker එකයි ගලවල වෙන ඒව අලවල කියල බලා ගන්න පුලුවන්
මමත් අල්ල ගත්තෙ මේවගේන් තමයි.
පෝන් එක ගනිද්දි නම් කියන්නෙ 2 Years Warranty කියලා.. ඒත් ඒක අමූලික බොරු.. 2 Years Warranty හම්බෙන්නෙ company එකෙන් ගෙන්නුවොත් විතරයි
මේක විකුණන අය කියන්නෙ මේක හොන් කොන් (Hong Kong) version කියල. තව තව අය එක එක version කියල කියනව ඇති...
මේකක් යන්නෙ 28000/=-30000/= අතර ගානකට.
ඉතින් මමනම් මගේ පෝන් එක උන්ටම දීල සල්ලි ඉල්ල ගත්ත...
කොහොම හරි ඔයාල international phone එකක් ගනව නම් ගොඩාක් හොඳට හොයල බලල ගන්න...
දැන් මේක ජාවාරමක් විදියට නැගල යනවා... උදාහරණයක් විදියට හුඟක් අය Galaxy S2 එකක් ගන්න හොයනවා Brand new
මේ හොරු කරන්නෙ Korean phone, international phone කෑලි සෙට් කරල brand new housing දාල විකුණන එක.
ඔය බොරු කියන පල් හොරුන්ට අහු වෙන්න එපා. උන් ඕක කියල විකුණනවනම් කමක් නැ.. ඒත් විකුනන්නෙ Original international කියලනෙ
ඔයාල මෙහෙම තැන් ගැන දන්නවනම් බය නැතිව පොලිසියට කියන්න.. දැන් අල්ලනවනේ හොර පෝන් විකුණන අය...
ආයෙත් කියන්නෙ මේ වගේ අයට අහුවෙන්න එපා... phone එකක් ගන්නව නම් හොඳට දන්න කෙනෙක් එක්ක යන්න....
මේ තියෙන්නෙ.. මෙන්න මේ site එකේ තියෙනව මම කියන පෝන් වර්ගේ
http://www.aliexpress.com/snapshot/6150724098.html
පුලුවන් තරම් වෙලා අරගෙන check කරන්න... තව මොනව හරි දැනගන්න ඕනෙනම් Comment කරන්න..
මම හිතනව මගේ post එක වටිනව ඇති කියලා
එහෙනම් ඔන්න මම ගියා.... ජය වේවා!!!

No comments:

Post a Comment