Wednesday, October 22, 2014

කොපි පෝන් වලට අහු නොවී බේරෙමු

ආහ්... කොහොමද ඉතින් කට්ටියට....
කාලෙකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්නේ... ගොඩක් වැඩ වැඩි නිසා බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි වෙනවා සමහර වෙලාවල් වලට.... හරි හරි ඒවයින් වැඩක් නෑ කතාවට බහිමුකෝ...

ලිපිය ටිකක් දිගයි.. දිගයි කියන්නේ ගොඩක් විස්තර තියෙනව කියන එකනේ.. කියවන්න
අපේ ගෲප් එකේ ඉන්න පරණ සාමාජිකයෝ ගොඩාක් දෙනෙක් දන්නවා දැන් ඔරිජිනල් කොරියන් සහ ඉන්ටර්නැශනල් පෝන් ගැනත්,
Copy සහ Fake ගැනත් කොපි ඒවා කිසිම වැඩක් නැහැ කියල දන්නවනේ...
අපි ඔය කොච්චර කිව්වත් ඕව හොඳයි කියල ‍රැවටෙන අයත්, ඕව ගන්න අයත් තවම ඉන්නවනේ... මම දැක්ක දැන් කොපි පෝන්(හොර පෝන්) විකිණීම පහල වැටිල තියෙන නිසා ඕව විකුණන අය එකකට එකක් දෙන වගකීමක් දෙනව කියල (Replacement warranty), එහෙම නැත්නම් ඔරිජිනල් පෝන් වල වගේ අවුරුද්දක්ම වගකීම දෙනව කියල....
ඔය මොන දේ කිව්වත් දන්න කෙනා ගන්නේ ඔරිජිනල් කොරියන් හරි, ඉන්ටර්නැශනල් හරි තමයි....
ඒත් තවම කොප්ය් ගැන දන්නේ නැති අයට තමයි මේ ලිපිය දාන්නේ. ඒ වගේම අලුතෙන් පෝන් එකක් ගන්න හිතාගෙන ඉන්න අයටත්.

මේ ප්‍රශ්නේ හුඟාක් තියෙන්නේ සැම්සුන් පෝන් වලට තමයි.... සැම්සුන් වලත් ගැලැක්සි එස්4 (S4) , එස්5 (S5) වල තමයි.... අනිත් ඒවගෙත් කොපි තියෙනවා ඒත් වැඩියෙන්ම තියෙන්නේ එස් 4, එස් 5 වල තමයි....
මේක ගැන ලියන්න හිතුනේ දැන් හැමතැනම අඩුවට කොරියන්,වියෙට්නාම් කියල Samsung Galaxy S4 තියෙන හින්දා,

හුගාක් කඩවල් වල අය (පල් හොරු) කොරියන් වර්ෂන් එක කියල තමයි මේවා විකුනන්නේ. රු 11000-20000 අතර මිලකට. පිටින් මේවා බැලූ බැල්මටම ඔරිජිනල් පෝන් එකට සමානයි. ඒත් මෙන්න මේකයි ඇත්ත කතාව ඔරිජිනල් කොරියන් වර්ෂන් එකේ මොඩල් නම්බර් එන්නේ SHV-E300 K/S/L කියලා.තව පෝන් වල මොඩල් නම්බර් විස්තර ඕනෙනම් මම පහල දාල තියෙන ලින්ක් වලින් බලන්න... මේ මොඩල් කොරියාවේ පාවිච්චියට හදපුවා. ඔරිජිනල් ඉන්ටර්නැශනල් එස් 4 (S4) ඒකක මොඩල් නම්බර් එක එන්නේ GT-i9500 හෝ GT-i9505 කියලයි.

මේවා නිෂ්පාදනය කරන්නේ HDC කියන Chinese Company එකෙන් නිෂ්පාදනය කරන දුරකථන . බොරුනම් ඔයගොල්ලෝ එකේ නිල වෙබ් අඩවියට ගියොත් බලාගන්ඩ පුලුවන් මේවා ගැන මෙන්න ලින්ක් එක http://hdcmobile.com/ . මේවා අඩු පිරිවැයකින් හා තත්වයෙන් උසස් නැති Hardware දාල හදන බාලම බාල පෝන් කෑලි නිසා තමයි මෙච්චර ගණන් අඩු... මේ කියලත් මෙව්වම ගන්න අය ඉන්නවනේ මෝඩකමට.

හරි ඉස්සෙල්ලම බලමු පෝන් එකක් අතට ගත්තම මුලිම්ම පේන
 තිරය ගැන. (Display)

=Original=
ඔරිජිනල් එකේ තියෙන්නේ Samsungලා විසින්ම නිර්මාණය කරන ලද විශිෂ්ට Super AMOLED වර්ගයේ තිරයක්. මේවට අඩු විදුලියකින් වැඩි වර්ණාවලියක් පෙන්නන්න පුළුවන්. Resolution එක 1920*1080 ක අගයක් තියෙන්නේ ඒ කියන්නේ Full HD තිරයක්.මේවායේ අගලකට ඇති පික්සල් අගය ඉතා වැඩි.තිරයේ ආරක්ෂාවට Corning සමාගමේ අලුත්ම Gorilla Glass 3 කියන ශක්තිමත් බවින් වැඩි වගේම සීරීම් වලට ඔරොත්තු දෙන ග්ලාස් එකකින් ආවරණය කරලයි තියෙන්නේ මේවා වෙළඳ පොලට නිකුත් කරන්නේ. පේනවනේ කොහොමද කියල Quality එක.
දැන් බලන්නකෝ කොපි ජාරාව වල හැටි

-Clone-
මේවා බොහෝ දුරට බාල තත්වයේ වර්ණ පෙන්නන තිර ජාතියක්. ඒත් තිරයේ විභේදනය ගොඩක් වෙලාවට 720*1280ක වගේ අගයක් හරි ඊට වඩා අඩු අගයක් තමයි තියෙන්නේ. තව මේකේ තිරේ ආරක්ෂාවට නම් කිසිම දෙයක් නෑ. හූරගත්තොත් ඉතින් ඉවරයි. කොපි කාරයෝ දාන touch sensor එක නම් Quality නෑ. එකයි ටික කාලෙකින් display එක සංවේදී නැති වෙන්නේ. තව මේවගේ ටික කලෙකින් Sensor අක්‍රීය වෙනවා.. පහල පින්තූරේ බලන්නකෝ. පේනවනේ තිර දෙකේ වෙනස. ඔරිජිනල් S4 එකේ සුපිරිම Quality එකක් තියෙන්නේ කොපි එකට වඩා.


දැන් බලමුකෝ
ප්‍රොසෙසරය (Processor) ගැන...

=Original=
ඔරිජිනල් S4 කීපයක්ම තියෙනවා. කොරියන් වලින් තියෙන්නෙ SHV-E330K/L/S කියල, ඉන්ටර්නැශනල් වලින් තියෙන්නේ GT-i9500 සහ GT-i9505 මොඩල් දෙක. තව තියෙනව Japan, USA කියලත්. ඉන්ටර්නැශනල් මොඩල් එකට කියන තවත් නමක් තමයි octa core S4. ඒකට හේතුව GT-i9500යෙ තියෙන්නේ Samsung ලාගේ Exynos 5410 කියන cores 8 ක් ඇති ප්‍රොසෙසර් එක. ආසියාවේ ගොඩක් රටවල් වල තවමත් හරි හැටි 4G LTE සේවාවන් නැති නිසා මේ මොඩල් එක තමයි ලංකාව වගේ ආසියාතික රටවල් වල තියෙන්නේ. මොකද කීවොත් Exynos 5410 චිප් එකේ 4G LTE receiver එකක් නැති නිසා. යුරෝපීය හා ඇමරිකා රටවල් වලට ගහපු මොඩල් එක තමයි. 4G LTE පහසුකම් ඇති GT-i9505 phone එක. Qualcomm සමාගමේ Snapdragon 600 කියන cores 4ක් තියෙන ප්‍රොසෙසර් එක තමයි මේ මොඩල් එකේ තියෙන්නේ. විදුලිය පිරිමැස්මෙන් Exynos චිප් එකට වඩා ඉදිරියෙන් ඉන්නවා වගේම කාර්යක්ෂම බවින් එක හා සමාන තත්වෙක ක්‍රියා කරන්ඩ පුලුවන් හැකියාවක් ස්නප්ඩ්‍රගොන් 600 ප්‍රොසෙසර් එකට තියෙනවා... කොරියන් වලත් මේ විදිය තමයි...

ඔන්න මහ ලොකු =Clone= ඒකේ හැටි බලා ගන්න.

ගොඩක් S4 Clone වල තියෙන්නේ MediaTek එකෙන් ගහන ප්‍රොසෙසර් තමයි. MT6589 කියන්නේ 1.2GHz වේගයක් ඇති cores 4ක් (Quad -Core) තියෙන චිප් එකක්. මේක හදලා තියෙන්නේ Cortex-A7 Architecture එකට නිසා ලොකු ගණනය කිරීම් නම් කරන්නම බැහැ. එදිනෙදා වැඩ කටයුතු කරන්නත් බැහැ. ඒතරමටම පෝන් එක හිර වෙනව Slow වෙනවා. පට්ට ගේම්ස් , එකවර ගොඩක් දේ කරන්ඩ(Multitask) නම් අමාරුයි. සමහර Clones වල MT6589 චිප් එකට වඩා පරන ඒවත් තියෙනවා. ඔරිජිනල් පෝන් වල එන්නේ එක පෝන් වර්ගෙකට එකම චිප් එකක්. ඒත් මේ Clone, fake, copy වල තියෙන්නේ එක එක ඒවා. හිතෙන හිතෙන කෑලි දාල...


කැමරාව බලමුකෝ.. ඕකනෙ බලන්නේ හැමෝම

කැමරාව (Camera)
ඔරිජිනල් පෝන් වල කැමරාව ගැන කියන්න දෙයක් නෑ.. සුපිරි
Clone ගැනනම් ගොඩාක් දේවල් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. සමහර clones වලත් මෙගා පික්සල් 13ක කැමරා තියෙනවා කියල කියනව. හික්ස්... හිනා යනවා. එත් ඒවා image noise වැඩි තත්වයෙන් බාල පින්තූර තමයි දෙන්නේ. Samsung camera modes (Best Shot,HDR..etc) මේවගේ නෑ. 1080ප් වීඩියෝ රෙකෝඩ් කරන්ඩත් බෑ. ඉස්සාමම ආපු චයිනීස් පෝන් වල තිබුන කැමරාව මතකද? අන්න ඒ වගේ ඒවත් තියෙනව, සමහර ඒවගෙනම් ටිකක් හොඳයි.. පොදුවෙ ගත්තොත් 2-4MP වගෙ තමයි තියෙන්නෙ.. වැඩක් නෑ..
මේවගේ හදිස්සියට මොකක්හරි සිදුවීමක පොටෝ එකක් ගන්න ගියාම ඒක ඉවර උනාම තමයි කැමරාව එන්නේ..

***මේ ටික ගොඩාක් වැදගත් අනිවාර්යෙන් මතක තියා ගන්න..***
***මේවගෙන් තමයි ඔයාලව ඇන්දෙන්නේ***
එහෙනම් ඇන්දෙන්න කලින් බලන්න...

*එකක් තමා RAM එක මේවා 1GB හෝ 512MB තමා අන්තර්ගත වෙන්නේ. **මේක වැදගත්** 1GB නම් ලොකු ප්‍රශ්නයක් නෑ...එත් එය විවිධ apps වලින් 2GB පෙන්නන විදිහට තමයි ගොඩක් හදලා තියෙන්නේ . මෙතනදි තමයි හුඟක් අය අහු වෙන්නේ.. මේ ලින්ක් එකට ගියාම දැනගන්න පුළුවන්. (ඔන්න බඩුත් එක්කම හොරු) ගිහින් බලන්නකෝ HDCmobile.com/GalaxyS4

*අනිත් එක තවත් එක තමා HDC එකෙන්ම කියනවා phone එකේ තියෙන්නේ 720x1280 HD තිරයක් එත් System එක 1080x1920 FHD තිරයක් තියෙනවා කියලා පෙන්නන විදිහට හදල තියෙන්නේ කියලා.

* අනික Android version එක 4.2.9 කියල තියෙන්නේ. Google සමාගම එහෙම Android සංස්කරණයක් එළිදක්වා නෑ. 4.2 Jelly Bean සංස්කරණ මාලාවේ අන්තිම සංස්කරණය වුනේ 4.2.2

* ගත්තට පස්සේ අපරාදෙ කියල හිතෙන වැදගත්ම එක තමයි ධාරිතාව. කොපි වල system එක 16GB කියල පෙන්නුවාට ඇත්තටම 4GB ධාරිතාවක් තියෙන්නේ එකෙනුත් අපේ පාවිච්චියට ගන්ඩ පුලුවන් වෙන්නේ 2GB වගේ තමයි... ඇප්ස් ටික දාපුවම ඉවරයි.... අපරාදේ...

*ඊලග එක තමා මේවා වෙළඳ පොළට එන ඔරිජිනල් වගේම Samsung package එක.ගොඩ දෙනෙක් රැවටෙන තවත් හේතුවක් තමා ඒක. එත් Korean, Vietnam version කියන clones වල box ඇතුලෙ වැඩිපුර battery එකක්. flip casing එහෙම තියෙනවා. අඩේ මෙන්න පිටින් ගන්න තියෙන ඒවත් දාල.. ෂා අපිට තියෙන ආදරේ... මගුල ආදරේට නෙවෙයි අන්දවන්න...

*ඊලග එක බැටරිය ඒක ගැන කියනවනම් 2600mAh ධාරිතාවයක් ඇති බැටරි තියෙනවද කියලත් බලන්ඩ. 2600mAh කියල ගහල තිබ්බට ඇත්තම ධාරිතාවද කියන ප්‍රශ්ණෙ එනවා. එක පාරක් මම මේ කොපියක් තියෙන එක්කෙනෙක්ගෙන් පෝන් එක ඉල්ලගෙන Skype කෝල් එකක් ගත්ත. බැටරිය 94%ක් තිබ්බ විනාඩි 2.34 යි කතා කලේ.. පෝන් එක ඕෆ් උන්න. බැලින් නම් බැටරි බැහැල..

*මේ ෆෝන් වල Home Button එක තියෙන්නේ screen එකෙන් ගොඩක් යටට වෙන්න. ඔරිජිනල් එකේ එහෙම නෑ.. හොඳ ලස්සනට තියෙනවා. අනික උඩයි යටයි plastic bezel එකත් ලොකු වැඩී.

* මෙන්න අනික *#0*# මේක තමා අමාරුවේ වැටෙන අනිත් තැන ඒක තමා Samsung ෆෝන් වල LCD Test කරන code එක. ඉසර නම් ඔරිගිනල් පෝන් වල විතරයි ඕක වැඩ කලේ. දැන් මේ HDC Clones හදල තියෙන්නෙත් මේ code එක වැඩ කරන විදිහට. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න... අපි දෙන්නම් ඔරිජිනල් වල විතරක් වැඩ කරන කෝඩ් එකක්. මෙන්න *#9090# මේක තවම කොපි වල වැඩ කරන්නේ නෑ... මේ කෝඩ් එක ගැහුවම Service Mode කියල එකක් එනව නම් එච්චරයි..පෝන් එක ඔරිජිනල්
ඔරිගිනල් කොරියන් පෝන් වල ඇන්ටනාවක් තියෙනව, කොරියන් පෝන් එකක් අඳුරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඒක. අනිත් එක තමයි ඔරිජිනල් කොරියන් පෝන් වල රේඩියෝ FM Radio එක ලංකාවට වැඩ නැහැ. කවුරු හරි රේඩියෝ වැඩ කරන කොරියන් පෝන් විකුනනව නම් ඒවා අනිවාර්යෙන්ම කොපි ඒවා... ඇන්ටනා තිබ්බට ඔරිජිනල් කොරියන් වල රඩියො වැඩ නැහැ. ඔන්න ආයෙත් කිව්වා හොඳේ. මොකද කොරියාවේ FM Radio වල සංඛ්‍යාත වෙනස් ලංකාවේ ඒවට වඩා

*අනිත් කාරණය තමයි මේවගේ ඔරිජිනල් එකේ තියෙන හුගක් sensor තියෙනවා ඒවා මුලින්ම හොදින් වැඩ කරනවා. හැබැයි අඩු වියදම් hardware යොදා සෑදීම නිසා මේවා දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වීම පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා.
සමහර ඒවගේ සති, මාස කීපයක් තියෙන්න පුලුඅන්. ඒත් හුඟක් ඒවගේ දවස් ගානෙන් පස්සේ Sensor වැඩ නෑ...


ඔන්න එහෙනම් ඔයාලා මේවා ගැන හොදින් අවබෝධ කරගන්න ඇති කියල මම හිතනවා අඩු ගානක් දීලා මාස ගානක් භාවිතා කරන්න

*මේක නම් සෞඛ්‍ය ගැටලුවක්. භයානකම එකක්
මේවා ගන්න එපා ගත්තත් වැඩියේ ඇගේ තියා ගන්න එපා විශේෂයන් පිරිමි අය මොකද මේවගේ SAR අගය පිලිබදව කිසිම සදහනක් නැති නිසා අනාගතයේ දරු ඵල අහිමි වෙන්න පුළුවන් යැයි සැකයක් මේවා පිලිබදව පල වෙලා තියෙනවා. ඇයි අනේ ඔක්කොම බාල ජරා ගොඩවල් දාල හදන ප්‍රමිතියක් නැති ඒවනේ. බය හිතෙනව මට නම්
ඔන්න හරිනේ... මේකේ මට මතක විදියට විස්තර දැම්මා..
තව මොනව හරි අඩුපාඩුවක්, වැ‍රැද්දක් එහෙම තියෙනව නම් අනිවාර්යෙන්ම කොමෙන්ට් එකක් දාන්න.... වැරදි ඇති නැත්තෙ නෑ... අකුරු වැරදි තියෙනව නම් සමා වෙන්න...
පහල මම දාල තියෙනව පෝස්‍ටුවට අදාල පින්තූර ඒවත් බලන්න...
මේ කලින් දාපු පෝස්ට් ටිකත් කියවලම බලන්න. ගොඩාක් වැදගත් දේවල් තියෙනව..

මේ අනිත් ජවාරම.. කොරියන් සහ ඉන්ටර්නැශනල් පෝන් වල කෑලි එකතු කරල ඉන්ටර්නැශනල් කියල විකුණන පෝන්. ඒ කියන්නේ කොරියන් බෝර්ඩ් එකට ඉන්ටර්නැශනල් කෑලි දාල හදන්නේ (Refurbished Phones)
ඒක බලන්නකො මෙතනින්.
කොපි පෝන් ගැන තව එකක්
ඒක බලන්නකො මෙතනින්.
එහෙනම් මේවා කියවල බලල හොඳට තේරුම් අරගෙනම ඔරිජිනල් පෝන් එකක් ගන්න..
අම්මෝ.. පිස්සු හැදුන ටයිප් කරලම. පේනවනේ ලිපිය දිහා බැලුවම කොච්චර විස්තර තියෙනවද කියල...
පැය ගාණක් ගියා වැඩේ ඉවර කරන්න..
එහෙනම් අපි ගියා
ජය වේවා.
සංජය තිසර වීරසේකර® 

පාන්දර 2:45 වෙනකන් ටයිප් කලා අදම දාන්න කියල බලාගෙන.
අම්මගෙන් කුණු බැනුමකුත් අහගන්න උනා.. ඇත්තනේ මහ රෑ ටක ටක ගගා ටයිප් කරනකොට ලයිට් දාගෙන බනිනව නේන්නම් අපි උනත්.

No comments:

Post a Comment